ශ්‍රී ලංකා­වට බැට­දුන් රාසා ලොව අංක එකට එයි

ශ්‍රී ලංකා­වට එරෙ­හිව හරා­රේ­හිදී පැවති එක්දින තරග දෙකේදී නොදැවී ලකුණු 59ක් සහ ලකුණු 92ක් ලබා­ගත් සිම්බාබ්වේ කණ්ඩා­යමේ තුන් ඉරි­යව් ක්‍රීඩක සික­න්දර් රාසා සිය වෘත්තීය ජීවි­තයේ පළමු වරට අයි­සීසී එක්දින තුන් ඉරි­යව් ක්‍රීඩක ශ්‍රේණි­ගත කිරී­ම්වල ඉහ­ළ­ටම පැමි­ණෙයි.

39 හැවි­රිදි ඔහු තරග දෙකේදී ලකුණු 151ක් රැස් කළ අතර, පන්දු යැවී­මේදී එක් කඩු­ල්ලක් දවා ගනි­මින් ඇෆ්ග­නි­ස්තා­නයේ අස්ම­තුල්ලා ඔමා­ර්සායි සහ මොහො­මඩ් නබි අබි­බවා ගියේය. රාසාගේ මේ දක්ෂ­තාව හේතු­වෙන් ඔහු එක්දින පිති­ක­රණ ශ්‍රේණි­ගත කිරී­ම්වල ස්ථාන නව­යක් ඉහ­ළට පැමිණ 22 වැනි ස්ථාන­යට පත් වූ අතර, මෙයට පෙර ඔහු 2023 ජුනි මාස­යේදී 24 වැනි ස්ථානයේ සිටි­යේය.

ලකුණු 198ක් ලබා තර­ගා­ව­ලියේ වීරයා ලෙස සම්මාන දිනූ ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු පැතුම් නිස්සංක ස්ථාන හතක් ඉදි­රි­යට පැමිණ එක්දින පිති­ක­රු­වන් අතර 13 වැනි ස්ථාන­යට පත්වූ අතර, ජනිත් ලිය­නගේ ස්ථාන 13ක් ඉදි­රි­යට පැමිණ 29 වැනි ස්ථාන­යට පැමි­ණි­යේය.

දකුණු අප්‍රි­කානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහ­රාජ්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අබි­බවා එක්දින පන්දු යව­න්නන් අතර අංක 1 ස්ථානය ලබා­ගත් අතර, අසිත ප්‍රනාන්දු ස්ථාන හයක් ඉදි­රි­යට පැමිණ 31 වැනි ස්ථානය දක්වා හා ඩිල්ෂාන් මධු­ශංක 60 වැනි ස්ථානයේ සිට 52 වැනි ස්ථානය දක්වා ඉහ­ළට පැමි­ණි­යේය.