ශ්‍රී ලංකාව පරදා නවසීලන්ත රග්බි කණ්ඩායමට පහසු ජයක්

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර අද පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය වර්තා කළා.

තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගය අද පස්වරු 4ට ආරම්භ කෙරුණා.

එය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් නිත්තවෙල ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

නවසීලන්ත රග්බි කණ්ඩායම ඔවුන්ට ආවේණික හකා නර්තනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

තරගය ආරම්භයේ සිටම ප්‍රබල නවසීලන්තය ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

ඔවුන් පළමු අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්. ශ්‍රී ලංකාව එම අර්ධයේදී ලකුණු 7ක් රැස් කළා.

දෙවන අර්ධයේදී නවසීලන්තය තවත් ලකුණු 24ක් ලබාගැනීමට සමත් වුණා.

නමුත්, ශ්‍රී ලංකාවට එම අර්ධයේදී රැස් කරගැනීමට හැකිවුණේ, ලකුණු 3ක් පමණයි.

ඒ අනුව, ලකුණු 50ට 10ක් ලෙස තරගය ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ලකුණු රැස් කළේ, ගෝල දිනුම් 5ක් සහ උත්සාහක දිනුම් 3කින්.

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර මීළඟ තරගය ලබන 10 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.