රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි ප්‍රද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹ තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර පවතින මිත්‍රශීලී සහයෝගීතාවයෙහි වැදගත්කම හඳුුුනා ගනිමින්, රාජකාරිමය කටයුතු වෙනුවෙන් දෙරට අතර සිදුකරනු ලබන ගමනා ගමනය සදහා පහසුකමක් සැලසීමත්, වීසා ලබා ගැනීමේදී සිදුවන අනවශ්‍ය බාධාවන් ඉවත් කරගැනීමත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට එළඹීම පිණිස දෙරටේ අදාළ පාරිශ්වයන් විසින් එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ අනුව, දෙරටෙහිම රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් හට වීසා ලබා ගැනීමකින් තොරව දින 30ක් නොඉක්මවන කාලසීමාවක් සඳහා අනෙක් ගිවිසුම්ගත පාරිශ්වයේ භූමි ප්‍රදේශය වෙත පිවිසීමට ඒ හරහා ගමන් කිරීමට හා රැඳී සිටීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.