ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ඉතිහාසගත වාර්තාවක්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපයූ වැඩිම ආදායම ගිය වර්ෂයේ වාර්තා කර තිබෙනවා.

එය, රුපියල් මිලියන 168 ක ආදායමක්.

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කළමනාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කරගැනීම තුළින්, මෙම ඉහළ ආදායම වාර්තා කිරීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසන්නේ.

එමෙන්ම මසක් තුළ ඉපයූ වැඩිම මාසික අලෙවි ආදායම වන රුපියල් මිලියන 205 ක් උපයා ගැනීමට ද පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එම ආයතනයට හැකි වී තිබෙනවා.

මෙම කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන 7 ක් හඳුන්වාදීම වෙනුවෙන් පැවති උත්සවයකදීයි.