ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඊශ්‍රායලයේ ටෙල්අවිව්හි පිහිටි බීර්ශෙබා (Beersheba) රෝහලේ, රෝහල්ගතව සිටි රෝගියෙකු රැකබලාගත් ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.

මේ වන විට ඇයට එම රෝහලේම ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.