ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද (5) අලුයම 6.00 සිට ලබන (11) වන දින පෙරවරු 7.00 දක්වා දින 07ක් වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනවා.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (04) පස්වරු 1ට මෙරටට වැඩම කරවනු ලැබුවා.

ඒ් ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින්.