ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග

ගෝලීය ශිෂ්ටාචාර සංවාදයේ අමාත්‍ය රැස්වීම ජූලි 10 සිට 11 දෙදින තුළ චීනයේ බෙයිජිං අගනුවර දී පැවැත්විණ. ලොව පුරා රටවල් සහ කලාප 140 කින් පැමිණි නියෝජිතවින් 600 ක් පමණ ඊට එක් වූහ.

වත්මන් ලෝකයේ, සියලු රටවල අනාගතය සහ ඉරණම සමීපව බැඳී පවතී. එවැනි තත්වයන් යටතේ, මානව වර්ගයාගේ නවීකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී සහ ලෝක ශිෂ්ටාචාර සංකල්පය ශක්තිමත් කිරීමේදී, ශිෂ්ටාචාර අතර සහභාගීත්වය, සහජීවනය සහ හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය කාර්යභාරයක් බවට පත්ව ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර 2023 මාර්තු 15 වන දිනපැවති,ඉහළ මට්ටමේ සංවාදයටචීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය ශිෂ්ටාචාරසංවාදය පිළිබඳ සංකල්පයයෝජනා කළේය.

එය ශිෂ්ටාචාරවල විවිධත්වය, මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම්, ශිෂ්ටාචාරවල උරුමයේ සහ නවෝත්පාදනයේ වැදගත්කම සහ ශක්තිමත් ජාත්‍යන්තර ජනතාව අතර හුවමාරු සහ සහයෝගීතාවයට ගරු කිරීම සඳහා වූ යෝජනාවලියකි. එමෙන්ම එය චීනය විසින් නව යුගයේ ජාත්‍යන්තර ප්‍රජාවට සපයන තවත් වැදගත් පොදු බුද්ධිමය මෙවලමක් ලෙස ද සැලකිය හැකිය. සෑම වසරකම ජුනි 10 වන දිනය “ශිෂ්ටාචාර අතර සංවාදය සඳහා වූ ජාත්‍යන්තර දිනය” ලෙස නම් කරන මෙන් 2024 ජුනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට චීනය ඉදිරිපත් කරන ලද යෝජනාව ඒකමතිකව සම්මත විය.