ශිෂ්‍යත්ව ප්‍රති­ඵල නිකුත් කරයි

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා.  විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග‍ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 10 වැනිදා මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තුන් දහස් හයසිය හැත්තැවක් ඉල්ලුම් කර තිබුණා.  ඉන් සිසුන් 51,969 ක් කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු‍වේ නිල වෙබ් අඩවි වන www.donets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි. විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශිලක නාම සහ මුරපද භාවිතා කර අද සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන භාගත කර ගැනීමට හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.