
පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ පාසල් වල විභාගයට පෙනී සිටි ළමුන් වැඩි පිරිසක් සමත් වී ඇති බව එම විදුහල්වල විදුහල්පතිවරුන්පැවසීය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේ ළමුන් 105 දෙනෙකු විභාගයට පෙනි සිටි බවත්, (03) දින පස්වරුවේ නිකුත් වූ ප්‍රථිඵල අනුව තම පාසලේ සිසු සිසුවියන් 29 දෙනෙකු සමත් වී ඇති බව එම විදුහලේ විදුහල්පති මාසල් රාජනායගම් මහතා පැවසීය.
එසේ සමත් වූ ළමුන් අතරින් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා මනොරාඡ දම්රිඡන් නැමති එක් සිසුවෙකු ලකුණු 178ක් ලබා ගෙන ඇති බවත්, එය බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලැබුණු හොදම ප්‍රථිපලය බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.