ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය, අගෝස්තු මස 10 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි.

හෙට සිට අප්‍රෙල් මස 30 වැනිදින දක්වා මාර්ගගතව අයදුම්පත් කැඳවන බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අප්‍රේල් මස 30 වැනිදින මධ්‍යම රාත්‍රී 12.00 ට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා.

පහ‍ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 10 ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව onlineexams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *