ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කරයි

බංග්ලාදේශයේ පසුගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන්  එරට හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කොට තිබෙනවා.  ඒ, එරට විශේෂ අධිකරණයක් විසින්‍.

තම ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමට ඇය ආරක්ෂක අංශවලට දුන් නියෝග හේතුවෙන් 1400 දෙනෙකු පමණ මිය ගිය බව විශේෂ අධිකරණය මෙම තීන්දුව ලබාදෙමින් සඳහන් කර තිබෙනවා. තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි එකම විත්තිකරු වූයේ හිටපු පොලිස් ප්‍රධානියා වන අතර ඔහු එහිදී වරද පිළිගෙන රජය වෙනුවෙන් සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වුණා. හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන් ඛාන් තවමත් නඩුවට පෙනී නොසිට සැඟවී සිටින අතර ෂෙයික් හසීනා ඉන්දියාවේ විශේෂ ආරක්ෂාව සහිතව සැඟවී  සිටින බවයි වාර්තා වන්නේ.