සත්ව සංගණනයේ වාර්තාව අද

වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.

වගා හානි සිදු කරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) දින එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමුවරට ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පසුගිය 15 වැනිදා දිවයින පුරා පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *