සති අන්ත නිවාඩුවට නුවරඑළියට ජන ඟගක්

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක් (08) දින නුවරඑලියට පැමිණ ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළදාරියෙකු පැවසීය.

එම සංචාරකයින්ගෙන් නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටල් නිවාඩු නිකේතන සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන ඇති බවත්, තවත් සංචාරකයින් පිරිසක් (09) දිනයේදි නුවරඑලියට පැමිණිමට කාමර වෙන්කරගෙන ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.

නුවරඑලයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙළක් නුවරඑලිය පොලිසිය විසින් දියත් කර ඇති අතර, නුවරඑලිය මහ නගර සභාව මගින්ද සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දී ඇත.