සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිවිදෙනා ලබන 16 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවඳය ලබා දීමෙිි සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පිිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු සිසුවෙකුගේ මරණ සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු විසින් සැකපිට අත්අඩංගුවට ගෙන බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) දා පස්වරුවෙි ඉදිරිපත් කිරීමෙන් පසු එම සිසුන් සිවිදෙනා මේ මස ( 16 ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මැනවිය නියෝග කළා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු පුස්සැල්ලාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් 29 වැනිදා සියදිවි හානිකරගෙන තිබුණ බව සමනල වැව පොලීසිය සදහන් කලේය. මේ අතර නවක වඳය සිද්ධිය සමිබන්දයෙන් සිසුන් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමටද සමනල වැව පොලිසිය කටයුතු කළා.

මෙම සිද්ධියට අදාල විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු විසින් මෙම ජ්‍යේෂ්ඨ සිසුන් සිව් දෙනා විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුලදි ඊයේ (04) දා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පසුව මෙලෙස බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළහ.

සැකකරු සිසුන් වෙනුවෙන් පෙනීසිටි නිල නොලත් මහේස්ත්‍රාත් නිතිඥ දේශබන්දු සුරියපටබැඳි මහතා එම සිසුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කළා.