බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ (20) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් අක්කර 05ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි බගවන්තලාව පොලිසිය පවසන්නේ.
රක්ෂිතයට දර කැඩීමට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
රක්ෂිතය තුල පැතිර යමින් තිබු ගින්න ෆෙට්රොසෝ වතුයායේ ෆ්රීඩ්ලන්ඩ් කොටසේ වතුකම්කරුවන් සහ බගවනතලාව පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්රමයක් දරා ගින්න පාලනය කිරිමට සමත්ව ඇත.
