සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් පුහුණුවෙන් පසු විසිර යාම වෙනුවෙන් ඊයේ (13) පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා.
මෙරට ඉතා ගෞරවාන්විත සහ විනයගරුක නිර්භීත හමුදාවක් වන නාවික හමුදාවට එක්වූ සියලුදෙනා වෙත ජයග්‍රාහී වෘත්තීය ජීවිතයකට ජනපති සුබපැතුම් එක් කළා.
ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් පෙන්වා දෙමින් සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සැලකිය යුතු බවද එතුමා සඳහන් කළේය.
එමෙන්ම, පසුගිය ව්‍යසනය හමුවේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ සහන සේවා කටයුතුවලදී නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය අගය කරමින්, ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ සියලු නිලධාරීන් වෙනුවෙන් ප්‍රණාමය පළ කළා.








