2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.
විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.
තුන්ලක්ෂ අසූදෙදහස් දෙසිය හතලිස් නව දෙනෙකු පාසල් අපේක්ෂකයන් වන අතර හැටනව දහස් දෙසිය දාහතර දෙනෙකු පෞද්ගලික අපේක්ෂකයන්.
විභාගය අද (17) සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානවලට අපේක්ෂකයින් පැමිණිය යුතු බවයි විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ.
එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වයන් හෝ වෙනත් යම් ආපදා හේතුවෙන් අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධාවක් මතු වුවහොත්, ඒ සඳහා සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
