රුසියාව සමග නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට අදාල යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි පවසනවා.
ඉකුත් මාසයේ නවතා දමන දල දෙපාර්ශවය අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම මෙහි අරමුණයි.
යුක්‍රේන ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු වන “රස්ටෙම් උමෙරොව්”, එළඹෙන සතියේ රුසියානු නියෝජිතයින් හමුවීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි පවසනවා.
දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පියවර ගත යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.
යුක්‍රේන ජනාධිපතිවරයා යළි කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට තමාට දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.
දෙපාර්ශවය අතර සාමය සැබවින්ම සහතික කිරීම සඳහා දෙරටේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව යුක්‍රේන ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.
