2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කළහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.
පසුගිය (17) වන දින ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතව ඇත.
මෙම විභාගය සඳහා පෙනී සිටින ළමුන් කළහකාරී සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවනතාවයක් පසුගිය වසරවල සිදුවු සිද්ධීන් සම්බන්ධව විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී ඇත.
විභාගය අවසන් වීමෙන් පසුව මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක පියවර ගැනීමට සැලසුම් කර ඇති අතර දෙමාපියන්ද තම දරුවන් සම්බන්ධව අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනවා.
