සැමියා විසින් බිරිඳව ඝාතනය කරයි

අරලගංවිල, බෙදුම හන්දිය ප්‍රදේශයේදී ඊයේ (07) දින රාත්‍රී කාලයේ පුරුෂයා විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 40 ක්වූ මැදඇල්ලේ වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය හා ඇයගේ පුරුෂයා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 48 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.