සිංහයෝ සුපිරි වටයට සුදුසුකම් ලබති

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි හතර වටයට සුදුසුකම් ලැබුවා.

අද ඇෆ්ඝනිස්තානය සමඟ පැවති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු හයකින්.

තරගය පැවැත්වුණේ අබුඩාබි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් රැස් කලා.

මොහොමඩ් නබී ලකුණු 60 යි.

පන්දු යැවීමේදී නුවන් තුශාර ලකුණු 18 ට කඩුලු 4 යි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරඟය ජය ගත්තේ පන්දුවාර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 171 රැස් කරමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම 17 වැනි 20/20 අර්ධ ශතකය සමඟ නොදැවී ලකුණු 74 ක් රැස් කලා.

කුසල් පෙරේරා ලකුණු 28 ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 26 ක් රැස් කලා.

තරගයෙන් පරාජය වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්.

තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

දෙවනි තරගය විසිතුන් වැනිදා පාකිස්තානය සමගත්, තුන්වෙනි තරගය ලබන විසි හය වැනිදා ඉන්දියාව සමගත් පැවත්වීමට නියමිතයි.