ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.
බංග්ලාදේශය තම පළමු ඉනිමට ලකුණු 495 ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස තම පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වනවිට පළමු ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටියා.
කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 37 ක් රැස් කරගෙන සිටි අතර, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17 යි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසු කිරීමට ඊයේ සමත්වුණා.
ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 187 ක්.
