දියේ ගිලී සිඟිත්තියක් මරුට

තංගල්ල, මැඩිල්ල වෙරළ තීරයේදී ඊයේ (13) දින රළ පහරකට හසුව ගසාගෙන ගොස් දැරියක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

තංගල්ල් පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි දැරියක්.

මෙම දරුවා පවුලේ සාමාජිකයින් සමඟ තංගල්ල ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිය ඇති අතර ඔවුන් ඊයේ දින උදෑසන තංගල්ල මුහුදු වෙරළේ මුහුදු රළ පාගමින් සිටින අනරතුර සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාරණය වී ඇත.

මෘතදේහය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරනවා.