මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ සිම්බාබ්වේ රාජ්‍යයේ ඉන්ධන මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඩොලර් 2.05ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2.19ක් දක්වාත් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය සහ අමෙරිකා – ඊශ්‍රායල හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
