සිලි සිලි බෑග් අද සිට නොමිලයේ දීම තහනම්

ෂොපිං බෑග් නොමිලේ ලබාදීම අද (01) සිට තහනම් වනවා.

ෂොපිං බෑග් වෙනුවෙන් මිලක් අය කළ යුතු අතර, ඊට අදාළව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවලදී අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LLDPE) සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LDPE) යන අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද බහාලුම් මලු කිසිදු පාරිභෝගිකයකුට නොමිලේ ලබා නොදිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනුයේ,

තවද නොවැම්බර් මස පළමුවැනිදා සිට අදාළ ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.