සිව්වැනි රන්දෝලි පෙරහර අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වැනි රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා. ඒ රාත්‍රී 7. 02 ට යෙදෙන සුබ මොහොතින්.

ඊයේ තෙවැනි රන්දෝලි පෙරහර නැරඹීමට විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා.

තෙවැනි රන්දෝලි පෙරහර ආරම්භ වුණේ, රාත්‍රී 7. 06 ට‍ යෙදුණු සුබ මොහොතින්.

පෙරහර, දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය සහ යටිනුවර වීදියේ ගමන් කර රජ වීදියෙන් හැරී ඊ‍ එල් සේනානායක වීදියේ ගමන් කර, හරස් වීදිය ඔස්සේ පැමිණ ඩී එස් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවැදුණා. පෙරහරේ කරඬුව වැඩම කරවනු ලැබුවේ, ඉන්දිරාජා හස්තියායි. පුලස්තිරාජා සහ බුරුම රාජා දෑලේ ගමන් කළා.