සීට් බෙල්ට් දැමීම පිළිබඳ මගීන් දැනුවත් කිරීම මාකුඹුර අධිවේගී පිවිසුම

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහන වල පිටුපස අසුනේ ගමන් ගන්නා මගීන් අද දිනයේ සිට ආසන පටි පැළඳීම සිදුකළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කරනවා

ඔහු මෙම අදහස් පළ කර සිටියේ මාකුඹුර අධිවේගී පිවිසුමේ ගමන් ගන්නා රථ දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට එක්වෙමිනි

එමෙන්ම ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ආසන බඳ පටි පැළඳ නොසිටීම හේතුවෙන් බවත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණේ මෙම අත්පත්‍රිකා බෙදීම සිදුකරන බවයි

එමෙන්ම සැප්තැම්බර් පළවෙනිදා දින සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවල ගමන් ගන්නා සියලුම මගීන් ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය බව ඔහු කියා සිටියා

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ක සිටියා

මෙහිදී ආසන පටි පැළඳීමකින් තොරව පැමිණි රියදුරකගෙන් ආසන පටි පෙළැඹ නොසිටින්නේ ඇයිදැයි ප්‍රශ්න කෙරුණු අතර එහිදී ඔහු කියා සිටියේ මෙම රථයේ ආසන පටි නැති බවයි නමුත් රූප රාමුවල දක්නට ඇත්තේ ඔහුගේ ආසනපටි ඇති බවයි