ඊයේ (13) සවස් කාලයේ දැරණියගල පොලිස් වසමේ පොල්වත්තැන්න සීතාවක ගං ඉවුර ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 42ක්වූ උඩහේන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා පසුගිය 12 වන දින උදෑසන කාලයේදී නිවසින් පිටව ගොස් ඇති අතර ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී මෘත ශරීරය සීතාවක ගං ඉවුරේ තිබී හමුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.
මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
