නුවරඑළිය හග්ගල පිහිටි පෞරාණික සීතා අම්මන් කෝවිලේ ඊයේ (01) දින රාත්‍රියේ තැන් කිහිපයක ස්ථාන ගත කර තිබූ පඬුරු පෙට්ටි 06ක් බිඳ එහි තුළ වූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඉන් හිස් පඩුරු පෙට්ටි 03ක් කෝවිල අසලින් ගලා බසින ඇළ මාර්ගයකට විසි කර දමා ඇති අතර, කෝවිල තුළ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද රැගෙන ගොස් ඇති බවයි එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.
කෝවිල තුළ මුරකරුවෙකු සිටියත් එම මුරකරු නිදා සිටි අවස්ථාවේ සැකකරුවන් කෝවිල තුළට පැමිණ මෙම සොරකම සිදු කර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදු කරනවා.
