සූඩානයේ මුස්ලිම් පල්ලියකට ඊයේ එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් 70 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සූඩාන හමුදාව සහ එරට ප්‍රතිවාදී “ ආර් එස් එෆ්” බලකාය අතර යුද ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුඩානයේ “ ඩා ෆූර්” කලාපයෙහි “එල් ෆෂර්” නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකටයි.
ඊයේ පෙරවරුවේ යාඥා සිදුකිරීම අතරතුර ප්‍රහාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් මියගිය පිරිසට අමතරව විසිදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇති මළසිරුරු ඉවත් කිරීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.
ප්‍රහාරය සඳහා එරට ප්‍රතිවාදී “ ආර් එස් එෆ්” බලකාය වගකිව යුතු නමුත් එම බලකාය ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
සුඩාන හමුදාව සහ එරට ප්‍රතිවාදි “ ආර් එස් එෆ්” බලකාය අතර දරුණු යුද ගැටුම් වාර්තා වන්නේ වසර දෙකකට අධික කාලයක සිටයි.
ලක්ෂ 3කට වැඩි ජනකායක් වෙසෙන “එල් ෆෂර්” නගරයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීමේ අරමුණින් සුඩාන හමුදාව සමඟ සටන්වදින ප්‍රතිවාදි “ ආර් එස් එෆ්” බලකාය එම නගරයේ බලය මේ වනවිට අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වනවා.
