
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක්ද, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. සෞඛ්‍ය සේවයේ ඉදිරි වසර දහය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයෙන් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ හැකියාව පිළිබඳවත්, ඒ සඳහා අනුගමනය කළයුතු කෙටි කාලින සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලුණා. ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපනය කිරීම, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර සහය ඇතිව ඒ සඳහා ප්‍රධාන ව්‍යාපෘති අනුගත කර ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්වුණා. ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප හා අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව ද අවධානය යොමු කෙරුණා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවා. හංසක විජේමුනි, එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.