සෞදි තෙල් පිරිපහදුවට වසාදැමේ

අද (02) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව සෞදි අරාබියේ තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය රස් තනුරා (Ras Tanura) පිරිපහදුව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සෞදි අරාබියේ ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග පවතින විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයක් වන අතර, එහි දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතිනවා.

රස් තනුරා සංකීර්ණය සෞදි බොරතෙල් ලෝක වෙළඳපොළට යැවීමේ ප්‍රධානතම අපනයන පර්යන්තයක් ලෙස ක්‍රියා කරනවා.