සමගි ජනබලවේගයේ මතුගම ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතාගේ පුත්රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන දූෂණ මර්දනය ඒකකය විසින්. ජීප් රථයක් නීති විරෝධී ලෙස ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට මතුගම පොලීසිය බාරයේ රඳවා සිටින සැකකරු හෙට මතුගම මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
