හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී (13) සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
