
තායිවානයේ පැවති අයි.එෆ්.බී.බී. ප්‍රෝ ලීග් කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ හර්ෂ ඩී. පීරිස් රන් පදක්කමක් සහ සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා පිරිනැමෙන පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
මේ තරගාවලිය රටවල් 25ක තරගකරුවන් 1300කගේ සහභාගීත්වයෙන් තායිවානයේ තායිපේ නුවරදී පැවැත්විණි.
පදක්කම් ද්විත්වයක් දිනාගත් හර්ෂ පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මෙරටට පැමිණියේය.