ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් පාරිස් නැමැති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබාද තිබෙන බව වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝග ලබාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝග කළ අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
