හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණය මඟහරිමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් ඊයේ (18) වරෙන්තු නිකුත්කළා.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේ දී තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් කරනු ලබනවා.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි, මහේස්ත්‍රාත්වරයා ඔහු සම්බන්ධෙයන් මෙම වරෙන්තුව නිකුත් කළේ.