හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදිකර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (12) දින පස්වුරවේ සිට යළි යථා තත්වයට පත්කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධාන අධිකාරියේ නිළධාරියෙකු පැවසුවා.
දිට්වා සුළි කුණාටුවත් සමඟ එම පාලම ඉකුත් (29) දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එදින සිට (12) දින උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.
ශ්‍රී ලාංකා යුධ හමුදාවේ පල්ලේකැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් මේ වන විට සවි කර අවසන් අතර, (12) දින පස්වරුවේ සිට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථාතත්වයට පත්කර ඇති බවයි නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විදායක ඉංජිනේරුවරයා කියා සිටියේ.
