හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.

මාතර, ගොඩපිටියේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය.