2022 වසරේ කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රයේ අසලදී නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ඇති නඩුව මාර්තු 16 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේ සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
2022 වසරේ නොවැම්බර් 14 වැනිදා නිදහස් චතුරස්‍රයේ අසල දී පොලිස් ආඥා පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කිරීම තුළින් මං මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පුරුදුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.
නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා යළි මාර්තු 16 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.
