හීටරයෙන් විදුලි සැර වැදී කාන්තාවකට දිවි අහිමි වෙයි

බොක්කාවල, රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) දින රාත්‍රී කාලයේ කාන්තාවකට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

බොක්කාවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 35 ක්වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය විදුලිය සහිත හීටරයක් ස්පර්ශ වීමෙන් විදුලි සැර වැදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

බොක්කාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.