අමෙරිකාවේ ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් ඉකුත් සෙනසුරාදා සවස “මිනියාපොලිස් නුවර” දී එල්ල කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් 37 හැවිරිදි ඇලෙක්ස් පෙට්ට්‍රි නමැති ප්‍රාදේශීය රෝහල් හෙද නිලධාරියෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් වෙනවා.
ඔහු සතුව ගිනි අවියක් තිබූ බවත් නියෝජිතයින්ගේ රාජකාරියට බධා කරමින් පහර දීමට උත්සාහ කළ නිසා ආත්ම ආරක්‍ෂාව සඳහා වෙඩි තැබූ බවත් එරට ස්වදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසනවා. “මිනියාපොලිස්” පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයා නිත්‍යනුකූලව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමට අවසර ඇති අපරාධ වාර්තා නොමැති අයෙකු බවයි. මිනසෝටා ආණ්ඩුකාර ටීම් වෝල්ස් ඇතුළු ප්‍රාදේශීය නායකයන් ෆෙඩරල් රජයේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙලාදැක තිබෙනවා.
පවතින වාතාවරණය හේතුවෙන් නගරයේ ආරක්‍ෂාව සඳහා ජාතික ආරක්‍ෂක බලකායන් කැඳවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ප්‍රධාන ක්‍රීඩා තරග පිටි සහ පොදු ස්ථාන කිහිපයක්ද තාවකාලිකව මේ වනවිට වසා දමා ඇති බව දේශීය මුර සංචාරක අණ දෙන නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
