හෝමුස් වෙනුවෙන් ට්‍රම්ල්ගේ ඉල්ලීම

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර නාවික සන්ධානයට එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට රටවල් කිහිපයකින් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වාර්තා වනවා.

මේ අතර, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් පවතින යුදමය තත්ත්වය සඳහා සිය හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ජර්මනිය අවධාරණය කර ඇත්තේ හමුදාමය මැදිහත්වීමක් සිදු නොකරන නමුත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහාය ලබාදීමට සූදානම් බවයි. බ්‍රිතාන්‍යය සහ දකුණු කොරියාව ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, කලාපීය ගැටුම් සඳහා සෘජුව මැදිහත් නොවන බවත් එම රජයන් ප්‍රකාශ කර සිටිනවා.

ගතවූ සති කිහිපය තුළ ඉරානයට අයත් යුද නෞකා 100 කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.

ඉරානය තුළ පිහිටි ඉලක්ක 7,000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඉන් ඉරාන මිසයිල ප්‍රහාරක ශක්තිය සැලකිය යුතු ලෙස අඩපණ වී ඇති බවත් ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ තම රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවයි.