ළමා රැකවරණ වැඩපිළිවෙළට බ්‍රිතාන්‍යයේ සහය

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහත්මිය අතර හමුවක් පසුගියදා පැවැත්වුණා.

ඒ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී.

මෙරට සියලු ප්‍රදේශ සහ රැකියා ස්ථාන ආවරණය වන පරිදි ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බවයි, අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ.

ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කෙරෙමින් පවතිනවා.

කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ළමා රැකවරණය අගය කරන රාජ්‍යයක් ලෙස එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය පර්යේෂණ හා වි‍ෂය දැනුම ලබා දීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එහිදී කැමැත්ත පළ කළා.

මෙරට කාන්තාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එක් කර ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අමාත්‍යවරිය එහිදී පැහැදිලි කළා.

එම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම සඳහා සහය අවශ්‍ය අවස්ථාවක ඊට මැදිහත් වීමට ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කළා.