ෆ්ලෝරීස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට යම් බලපෑමක් සිදුවේ යැයි අද අපේක්ෂා කරන බව, එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.
කාලගුණ අනතුරු ඇගවීම්ද නිකුත් කිරීමට පියවර ගැනුණා.
ගුවන් ගමන් මෙන්ම රථ වාහන ධාවනයටද බාධා එල්ල විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.
දුම්රිය සහ අධිවේගී මාර්ගයන්හි ගමනා ගමන කටයුතු සීමා කිරීමටද පියවර ගැනුණා.
ස්කොට්ලන්තයේ බොහෝ ප්‍රදේශවලට අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර ඇති අතර, තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සහ ගොඩනැගිලි හානි සිදුවිය හැකි බවද, දැනුම් දී තිබෙනවා.
උතුරු එංගලන්තයට, වේල්සයට සහ අයර්ලන්තයට මධ්‍යම රාත්‍රිය දක්වා අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර තිබෙනවා.
