සෝමාලියාවේ “මොගඩිෂු” අගනුවර හමුදා බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
අගනුවර “ඩමනියෝ” කඳවුරෙන් පිටත සෙබළුන් බඳවා ගැනීමේ පරීක්‍ෂණයක් අතරතුර එම පිරිස ඉලක්ක කොටගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් වගකීම් බාරගෙන නොමැත.
හමුදා කඳවුර බාර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ පුපුරන ද්‍රව්‍ය සහිතව බෝම්බකරු කඳවුරේ ගේට්ටුව ආසන්නයේ රැඳී සිට ඇති බවයි.
ප්‍රහාරයත් සමග ඒ ආසන්නයේ සිටි තරුණයන් රැසක් තුවාල ලබා ඇති අතර අවට ඝණ දුමාරයක් පැතිර ගිය බවයි සිද්ධි ඇසින් දුටු පිරිස් පවසන්නේ.
මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුර ලෙස සැක සහිත මළ සිරුරක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි හමුදා ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර සිටින්නේ.
