159 වැනි පොලිස් දිනයට සමගාමීව කැළණි ගං නදියේ ක්ලීනින් ශ්‍රි ලංකා වැඩසටහන දියත් කරයි.

159 වැනි පොලිස් දිනයට සමගාමිව කැළණි ගං නදියේ ඉවුරු දෙපස ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පිරිසිදු කිරිමේ වැඩසටහනක් සහ රුක් රෝපණ වැඩසටහනක් (03) දින බගවන්තලාව ලොයිනොන් වතුයායේදි සිදු කෙරිණ.

ජාතික ජන බලව්ගෙයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සහ හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන දියත් කෙරිණ.

බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මධුසංඛ මහතා ඇතුලු එම පොලිසියේ නිළධාරින් විසින් මෙම ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කර තිබුණි.

කැළණි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක්වන කෙසෙල්ගමුඔය බගවන්තලාව ලොයිනොන් වතුයායෙන් ආරම්භවන අතර, එම ඔය ලොයිනොන් වතුයායේ වතු නිවාස පෙළක් අසළින් ගලා බසින නිසා කෙසෙල් ගමු ඔය දෙපස සහ ඔය දැඩි ලෙස පරිසර විනාශයක් සිදු වී තිබුණි.

මෙම වැඩසටහනට එම වතුයායේ පාලන අධිකාරිය, ලොයිනොන් වතුයායේ වතු පාසලේ සිසු සිසුවියන් මෙන්ම වතු කම්කරුවන්ද විශාල පිරිසකත් මෙයට සහභාගි වී සිටියහ.