2025 පළාත් පාලන මැතිවරණය අදයි

2025 පළාත් පාලන මැතිවරණය අදයි.

අද (06) පෙරවරු 7.00 ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00 ට අවසන් වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන 339 ක ඡන්දය පැවැත්වීමට නියමිතයි.

කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඊට‍ අයත් වන්නේ නැහැ.

මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වෙනවා.

කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද හිමියන් එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන පළාත් පාලන ආයතන කොට්ඨාස සංඛ්‍යාව 4,877 ක්.

පරිපාලන දිස්ත්‍රික්ක 25 ක ඡන්ද මධ්‍යස්ථාන 13,759 ක් පිහිටුවා තිබෙනවා.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 5,783 ක්. දේශපාලන පක්‍ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257කට අයත් අපේක්‍ෂකයින් 75,589 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

පත් කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 8,287 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.