මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර 4 මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය  සමාලෝචනයට සහ කාර්ය මණ්ඩල කළමනාකරණයට පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත් කෙරුණු කමිටුවට ලැබුණු ඉල්ලීම් පිළිබඳව ඉකුත් 12 වැනිදා පැවති කමිටු රැස්වීමේදි සළකා බැලුණා. ඒ අනුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. එම නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.