ඇමරිකාව පාර්ශවයෙන් යුද්ධය ආරම්භ කළද එහි අවසානය තීරණය කරන්නේ තමන් බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නිලධාරී මොහොසන් රෙසායි (Mohsen Rezaee) පවසා තිබෙනවා.
“යුද්ධයේ අවසානය පවතින්නේ අපේ අතේ” යැයි පවසන ඔහු, ඇමරිකාව කලාපයෙන් ඉවත් නොවන්නේ නම් අනාගතය පිළිබඳ සහතිකයක් ලබා ගත නොහැකි බවද අවධාරණය කර තිබෙනවා.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා ඉරානය සිය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
ඔහු පවසන පරිදි යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් සපුරාලිය යුතුයි.
– සිදුවූ සියලු හානි සඳහා ඇමරිකාව විසින් පූර්ණ වන්දි ගෙවිය යුතුය.
– පර්සියානු ගල්ෆ් කලාපයෙන් ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය.
